සහල් ආනයනය අත්හිටුවයි..? ජනපති ගත් සුවිශේෂී තීරණය...
Mahinda Amaraweera
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ 8) දිනයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.ඒ තවදුරටත මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය වහාම අත්හිටුවන ලෙසයි.
පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමත් හේතුවෙන් 2023 වසරේ දී සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා ජනාධිපතිතුමන් සමග ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් දෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |