පාන් පිටි වෙනුවට ගෙදරදීම මඤ්ඤොක්කා පිටි හදාගමු.

Sri Lanka Healthy Food Recipes
By Wayomi May 30, 2022 11:23 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මඤ්ඤොක්කා කියන්නේ ලංකවේ මහා පරිමාණයට වගා කළ හැකි බෝගයක්, අල වර්ගයක්. මේ දිනවල තිරිගු පිටි ගන්න පුළුවන්කමක් නැති එකේ ලංකාවේ හැදෙන මඤ්ඤොක්කා වලින් පිටි හදමු. ලංකවේ අයට නම් මඤ්ඤොක්කා පිටි අමුතු දෙයක් වුණාට වෙනත් රටවල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන පිටි වර්ගයක්. තිරිගු පිටි වලින් කේක් වගේ විවිධ ජාතියේ කෑම හදනවා වගේ තමයි මඤ්ඤොක්කා පිටි වලිනුත් රස කෑම ජාති හදන්න පුළුවන්.

මඤ්ඤොක්කා සාදාගන්න ආකාරය

- මඤ්ඤොක්කා පොතුසුද්ද කිරීමෙන් පසුව හොඳින් සෝදා ගන්න .

- මඤ්ඤොක්කා කැබලි වල තිබෙන්නා වූ මෝරන ලද කොටස් කොහු සහිත කොටස් ඉවත් කර ගන්න.

- දැන් ග්‍රේටරයක් මගින් ගා ගන්න.

- ඉන්පසුව පිරිසිදු රෙදි කැබැල්ලකින් ඉස්ම මිරිකා ගන්න.

- මිරිකා ගැනීමේදී ජලය අනිවාර්යෙන් ස්වල්පයක් හෝ එකතු කර ගන්න.

- පසුව එය පැයක් විතර මිදෙන්න හරින්න. එචිට පිටි පතුලට බසිවී.

- ජලය සීරුවට බේරාගන්න.

- මිරිකාගන්නා ලද පිටි මුසු ජලය හැකිනම් කිහිපවිටකම නැවත නැවත පෙරාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

- දැන් මෙයට නැතව ජලය ටිකක් එකතු කර මිදෙන්න හරින්න.

- ජලය පෙරාගෙන රාත්‍රියක් පවනේ වේලාගන්න. අවශ්‍ය නම් මඳ අවුවේ වුණත් පුළුවන්.

- හොඳින් වෙළුණු පසු බ්ලෙන්ඩ් කරගෙන පෙනේරයකින් හලාගන්න.

- ඔබගේ පිරිසුදු තාවය මත පිටිවල පාට කල්තියා ගැනීම තීරණය වේවි. කොයිකටත් ඔබ සාදා ගන්නා පිටි ශීතකරණයේ තබා ගන්න පුළුවන් නම් හොඳයි.