පොලිස් ලොක්කෙකුගෙන් 21 හැවිරිදි තරුණියකට එල්ල වූ අඹ ප්‍රහාරය.
පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිල දී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයෙකු අඹ ගෙඩිවලින් සහ මිල දර්ශන පුවරුවෙන් තරුණ අඹ වෙළෙන්දියකට පහර දුන් පුවතක් වාර්තා වෙනවා.
මෙලෙස පොලිස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, මොනරාගල දොඹගහවෙල ඇළේලන්ද පදිංචි 21 හැවිරිදි ආර්.ටී. උද්දිකා නමැති තරුණියක්.
ඇය පසුව සාලාව රෝහලට ඇතුළත් කර ඇති අතර මේ සම්බන්දයෙන් හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ වනහගොඩ ප්‍රදේශයේ පිහිටි පලතුරු වෙළෙඳසලකට අඹ මිල දී ගැනීමට පැමිණි අවස්ථාවේ එහි මිල සම්බන්ධයෙන් ඇති වූ කතාබහ දුරදිග යෑමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයා ව්‍යාපාරික කාන්තාවට අඹ ගෙඩිවලින් හා මිල දර්ශන පුවරුවෙන් පහර දී අනතුරුව තරාදියද ඇය දෙසට තල්ලු කර දැමූ බවයි පෙරේදා (01) දිනයේ ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
මේ අනුව පොලිසිය ඇය වෙත 12/2024 අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කර තිබෙනවා.
අනතුරුව සිදු කළ මූලික විමර්ශනවලදී ව්‍යාපාරික කාන්තාවට මෙලෙස පහර දී ඇත්තේ සීතාවක පොලිස් කොට්ඨාසයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරිවරයකු බව පොලිස් ආරංචි මාර්ග පවසන්නේ