ලාංකීය හෙළ සිනමාවේ, ප්‍රවීණ රංගන ශිල්පිනියක් රසිකයින් හඬවමින් දිවි මඬලට සමුදෙයි - (PHOTOS)
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවූවාය. 1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි.
ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබේ. ඇය අවසාන වරට රංගනයෙන් දායකවී තිබුණේ 2018 වසරේ පුංචි අන්දරේ චිත්‍රපටය සඳහාය.
ජනප්‍රිය සිනමාකරු හේමසිරි සෙල්ලපෙරුමගේ චිත්‍රපට රැසකටම ඇය රංගනයෙන් දායක වී තිබිණි.
අසනීප තත්ත්වය නිසා ඇය දිගු කලක් රංගනයෙන් ඈත් වී සිටියාය.Q