වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී මිනිසා සියල්ලන් හඩවා අවසන් ගමන්යයි..(PHOTOS)

World Health Organization United States of America Latest Headlines
By Sewvandhi Mar 14, 2024 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් මියගොස් තිබේ.

එනම් ඔහු වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් ආධාරයෙන් ශ්වසනය කරමින් සිටියා.

ඇමරිකාවේ ඩලාස්හි රෝහලකදී මියයන විට ඔහු 78 වැනි වියේ පසුවිය. වයස අවුරුදු 6දී පෝලියෝ වෛරසය වැළඳුණු පෝල් එහිදී අංශභාග රෝගයටද ගොදුරුව තිබුණි.

ඉන්පසුව ඔහුගේ සිරුරේ පහළ කොටස අප්‍රාණික වී ඇති අතර එතැන් පටන් ඔහු ජීවත්වූයේ මෙම කෘත්‍රීම පෙනහළු යන්ත්‍රය ආධාරයෙනි.

තම මුව භාවිත කරමින් සිතුවම්කරණයේ සහ ලේඛනයේ නිරත වන පෝල් ග්‍රන්ථයක්ද රචනාකර ඇති අතර, ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක්ද ලබා ඇත.

ඔහු ඉතිහාසයට එක්වන්නේ කෘත්‍රීම පෙනහළු යන්ත්‍රයක ආධාරයෙන් වැඩිම කලක් ජීවත්වූ මිනිසා ලෙසය.

GalleryGalleryGallery