ඔත්තු බැලූ ආචාර්යවරයෙකුට මරණ දඬුවම නියම කෙරේ..!
                                    
                    Australia
                
                                                
                    Government of China
                
                                                
                    China
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    චීන අධිකරණයක් විසින් චීනයේ සංචාරයක් අතරතුරදී අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අත්හිටවූ මරණ දණ්ඩනය නියම කර තිබේ.
චීන බලධාරීන් විසින් ඔත්තු බැලූ බවට චෝදනා කරමින් ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් මීට වසර 5කට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ග්‍රන්ථ කර්තෘවරයෙක්, ආචාර්යවරයෙක් මෙන්ම චීන කටයුතු සම්බන්ධ ප්‍රවීණයෙක් වන හෙන්ග්ජුන් ට ලබාදී ඇති දඬුවම වසර දෙකකට පසුව ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට සංශෝධනය කෙරෙතැයි අනුමාන කෙරේ.
ඔස්ට්‍රේලියානු රජය පැවසුවේ, ඔහු ට එරෙහිව එල්ලකර ඇති චෝදනා පත්‍රය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. චීන අධිකරණ තීන්දුව පිළිකුලෙන් බැහැර කරන බවයි.
Sponsored By Sarrita Jewellery
                
                