බසයක් එනකල් සිටි කාන්තාවකට සිදු කළ දේ..

Bus sri lanks Womem
By Sithumi Jan 28, 2022 01:21 PM GMT
Report

අලුත්ගම බස් නැවතුම්පොළේ බස් රථයක් අපේක්ෂාවෙන් සිය දියණිය සමග සිටී කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා රන් දම්වැලක් කඩා යතුරුපැදියකින් පලාගිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අලූත්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව අද (28)කිහ.

බෙන්තර ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව 27 පස්වරුවේ සිය නිවෙස කරා යෑමට බස්නැවතුම්පොලේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් තමාගේ ගෙල හි තිබූ රන් මාලය කඩා පලා ගිය බව එම කාන්තාව අලුත්ගම පොලීසියට පැමිණිලි කර තිබේ.

සද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිලධාරීන් ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන බව කියයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now