දක්ශින අධිවේගී මාර්ගයේ ප්‍රසිද්ධියේම මුදල් අයකැමි වරයෙකුට සිදු කළකැත වැඩේ..

By Sithumi Feb 13, 2022 11:57 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමිවරයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් පහරදී ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි

. පහරකෑ මුදල් අයකැමිවරයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් වී තිබේ. පහරකෑමට ලක්වූ මුදල් අයකැමිවරයා තවත් මුදල් අයකැමිවරයෙකු සමග මාර්ග සංවර්ධන අධිකාරිය ට අයත් රථයකින් එහි රියදුරු සමග සිය රාජකාරී සඳහා යමින් සිටියදී එම ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

ගැලනිගම රථවාහන පාලක මධ්‍යස්ථානයේ සිට මුදල් අයකැමිවරුන් ගමන්ගත් රථය හොරණ පානදුර මාර්ගයට පිවිසීම සඳහා පැමිණ, මාර්ග සංඥා අනුව දකුණු දෙසට හැරවීමට යාමේදී මාර්ග සංඥාවලට අවනත නොවී පානදුර දෙස සිට පැමිණි මෝටර් රථය ඉදිරියට ගොස් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වු රථයට මඟ හරස් කර නතර කර තිබේ.

පසුව එම පුද්ගලයා එහි රියදුරුට පහරදීමට උත්සාහ කිරීමේදී පිටුපස අසුනේ වාඩිවී සිටි මුදල් අයකැමිවරයා එම පුද්ගලයා කළ වරද පහදා දීමට උත්සහ දරා ඇත. එහිදී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා විසින් හිසට, උරහිසට සහ මුහුණු ට අත මිටි මොලවා වැරෙන් පහර දී ඇතැයි මුදල් අයකැමිවරයා කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය සඳහන් කරයි.

පහර දුන් පුද්ගලයා පැමිණි බව පැවසෙන මෝටර් රථයේ ලියාපදිංචි අංකය ද පොලීසිය වෙත පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර ඇත. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාධි තලගල මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.