පළි ගනීමට පාසල් කැන්ටිමේ කුඩු තියලා - සිදුවූ දේ මෙන්න..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 08, 2022 02:45 AM GMT
Report

මල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපනශාලාවක තිබිය දී ඉකුත් පස්වැනිදා සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 සහ මත් කරල් 37ක පමණ තොගය ආපනශාලාවේ සඟවා එය පවත්වාගෙන යන කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කරන ලද්දක් බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදුහලේ ආපනශාලාවේ මේවා සඟවා කාන්තාව පොලිසියට කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ ඊට හවුල් වූ අය ගැන ද තොරතුරු පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙය සැලසුම් කළ පුද්ගලයා සහ ඊට හවුල් වූ අය ද අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මත්කරල් හා අයිස් මත්ද්‍රව්‍ය ආපනශාලාවේ සඟවා එම ආපනශාලාව සෝදිසි කර ඒවා සොයා ගනු ලැබ ඇත්තේ ද ගම්පහ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. ආ

පනශාලාවේ කාන්තාව කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ මෙම උපපොලිස් පරික්ෂක සමීප මිතුරන් බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවේ. මෙ

ය සැලසුම් කළ පුද්ගලයා කළ බව කියන ඉල්ලීමක් අනුව උපපොලිස් පරීක්ෂක මෙයට මැදිහත් වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම උප පොලිස් පරික්ෂක සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ලංකාදීප 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now