මෙරට දරුවන් ගැන යුනිසෙෆ් සංවිධානය කළ භයානක හෙළිදරව්ව..

Sri Lanka
By krishani Nov 21, 2022 02:10 AM GMT
Report

මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව සහ ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බව එහි සදහන් වන්නේ.

මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙයි.

ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක් තම මාසික වැටුපෙන් සියයට 75 ක් ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට වියදම් කරන අතර ඒ හේතුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ හැක්කේ ඉතා අඩු වියදමක් බව එම වාර්තාවේ සදහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join