මාළිගාවත්තේ වෙඩි තැබීමක් - කංජිපානි ඉම්රාන්ගේ බාප්පා මරුට

Law and Order Gun Shooting Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 10, 2026 08:59 AM GMT
Report

මාළිගාවත්ත, බී.සී.සී. පාලම ආසන්නයේ අද (10) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ බාප්පා බවට තොරතුරු වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.