අරගලයට එක්වූ කාදිනල් හිමි හදිසියේම කියූ කතාව..

srilanka protest Malcam cardinal
By Sithumi Apr 09, 2022 03:42 PM GMT
Report

කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. වත්මන් රජය පසුගිය මැතිවරණවලදී පාස්කු ප්‍රහාරය යොදා ගත් ආකාරය අනුව ඒ පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සිතුණු බවත් ඒ කුමන්ත්‍රණකරුවන් කවුරුන්දැයි හෙළිදරව් වෙමින් තිබෙන බවත් කාදිනල්තුමෝ කීහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ මීගමුව නගරයේ අද (9) පැවති විරෝධතාවයකට එක් වෙමිනි. ''ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මිනිස්සු කොටවලා බලය අල්ල ගත්තට වැඩක් නෑ. බලය හරියට පාවිච්චි කරන්න ඒ අය දන්නේ නෑ. ඒ නිසා වෙන්නට ඇති අද මේ රට කොයි ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි ව්‍යාකූල තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.

මුස්ලිම් මිනිස්සුන්ට විතරක් වරද පටවලා ඒක පිටිපස්සේ හිටපු අනික් බලවේග සියල්ල හංගන්න කටයුතු කරලා තියෙනවා. ඒකට වැදිච්ච සාපයක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ.'' යැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ