මේකප් කරන අයට රතු එළියක්..සිදුවෙන්න යන දේ මෙන්න..
Sri Lanka
Geetha Kumarasinghe
By Aruna
ආනයන සීමා පැනවීම හේතුවෙන් මේ වනවිටත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවත් දේශීය නිෂ්පාදන උපයෝගී කරගනිමින් පමණක් මෙම ක්ෂේත්‍රය පවත්වාගෙන යාම කළ නොහැකි බැවින් රූපලාවණ්‍ය ශිල්පීන්ට තම කර්මාන්තය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනයට අවසර ලබාදෙන ලෙස තමා ඉල්ලීම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වන විටත් රූපලාවණ්‍යාගාර සියයට අනූවක් පමණ වසා දමන තත්ත්වයට පත්ව ඇත.
එමෙන්ම මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ලක්ෂ හතරකට ආසන්න පිරිසක් සේවයේ නිරත වී සිටින අතර ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 15කට ආසන්න පිරිසක් සිටින නමුත් මෙම අර්බුදකාරී තත්ත්වය මත එම සේවක සේවිකාවන්ගෙන් සියයට අසූවක පමණ පිරිසකගේ රැකියා කප්පාදු කිරීමට සිදුවනු ඇති බව රූපලාවණ්‍ය ශිල්පීන් පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |