එක එක ඒවා මිශ්‍ර නොකර ගෙදරදීම නැවුම් තේ කොළ හදන්නේ මෙහෙමයි.
තේ වතු හැමෝටම අක්කර ගණන් නැති වුණත් සමහර අයගේ ගෙවල් වල, එහෙමත් නැත්නම වතුවල තේ ගස් සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ තේ ගස් කැළෑ වදින්න දෙන්නේ නැතිව ගෙදරදීම රස, ගුණ නැවුම් තේ කොළ ටිකක් හදාගන්නේ කොහොමද කියලා.
01.තේ දලු නෙලා ගැනීම.
? අංකුරය හා පත්‍ර 2 ක් වන ලෙස නැවුම් තේ දලු නෙලා ගන්න.
02.තව් මැරීම.
? නෙලාගත් තේ දලු පැය 16ක් පමණ තුනීව අතුරා මද පවනේ වියලා ගන්න.
? එවිට තේ දලු වල ඇති ජලය තරමක් දුරට අඩු වී යනවා.
03ඇඹරීම.
? මිරිස් ගලක් හෝ ඇඹරුම් යන්ත්‍රයක් ආධාරයෙන් කුඩු වන ලෙස අඹරාගන්න.
04 .පැසවීම.
? අඹරාගන්නා ලද අමු තේ කොල අගල් එක හමාරක් දෙකක් උසට අතුරා , පැය එකහමාරක් දෙකක් පමණ තබන්න.
? එවිට අමු තේ කුඩු තඹ පාට වීමසිදුවේ. තඹ පැහැයට හැරීම.
05 .වියලීම.
? තාච්චියක් ලිපේ රත්වීමට තබා එයට අමු තේකුඩු යොදන්න.
? මදගින්නේ , විටින් විට මිශ්‍ර කරන්න.
? තේ කුඩු හොදින් වියලී ඇති නම් කලු පාට හැරේ.
? අතින් අල්ලා කුඩු කල හැක.
? එවිට ඉවතට ගෙන සිසිල් වීමට තබන්න.
? දැන් හොඳින් අසුරා ගන්න. තේ කෝප්පයක රස බලන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |