KFC ගෙදරදිම හදාගමු
Sri lanka Food Recipes
By Subodha
KFC යන්න මේ දවස් වල මිනිසුන්ගේ අතේ සල්ලි නැති බව හැමෝම දන්නවා. නමුත් අඩු මුදලකින් ගෙදරදිම පහසු වෙලාවක හදා ගන්න මෙන්න රසම රස KFC චිකන් වට්වෝරුවක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් කැබලි
- පාන් පිටි කෝප්ප 1/2 පමණ
- කඩල පිටි මේස හැදි 4 පමණ
- විශේෂ රසයක් අවශය නම් රස ගන්වන කුඩු වර්ගයක්
- බිත්තර 3
- කිරි 160ml
- ගම්මිරිස් කුඩු තේ හැදි 1
- තෙල්
- ලුණු කුඩු
- වතුර ස්වල්පයක්
සාදන ආකාරය
- පාන්පිටි කඩල පිටි ලුණු ස්වල්පයක් හා රස ගන්වන කුඩු භාජනයකට දමා හොදින් කලවම් කරන්න.එයට වතුර ස්වල්පයක් දමා යාන්තම් කැට ස්වභාවයකට හරවාගන්න.(මල් කරගන්න)මතක තබා ගන්න වතුර ඉතා ස්වල්පයයි එකතු කරන්නේ. බිත්තර හා කිරි එකට දමා ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද දමා හොදින් කලවම් කරන්න. සාදාගත් කිරි batter එකේ වරකට එකක් බැගින් ගෙන චිකන් කැබලි ගිල්වන්න.ගිල්වු චිකන් කැබැල්ල ගෙන පිටි වල තවරන්න.නැවතත් එම කැබැල්ල කිරි වල සහ පිටිවල දවටගන්න. දැන් ගැඹුරු තෙලේ බැදගන්න. දැන් පිළිගන්වන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |