ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවෙන් ඉවත් වෙයි..! ජනපතිට විශේෂ ලිපියක්..

Sri Lanka Maithripala sirisena Gotabhaya Rajapaksha former president Economic crisis
By Sewvandhi Apr 03, 2022 11:47 AM GMT
Report

උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනයට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි සතිය තුල එම වැඩපිළිවෙල ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා විසින් දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙසට කටයුතු කිරීමටයි එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.

ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර රටේ අභිවෘද්ධිය සඳහා මෙම උද්ගතවී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදහස වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery