ඇවිලී යන ඊශ්‍රායල - පලස්තීන ගැටුම නවත්තන හැටි හිටපු ජනපති මෛත්‍රීපාල කියයි..
ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ සංවාදයකට එක් වෙමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊශ්‍රායල – පලස්තීන යුද්ධ ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
එහිදි ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය නායකත්වය ගෙන කටයුතු කිරීම හරහා ඊශ්‍රායල – පලස්තීන යුද්ධ ගැටුම නතර කිරීමට හැකියාව ලැබෙන බවයි.
මෙම යුද්ධය නිසා මුළු ලෝකයම විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවත් යුද්ධය නැවත්වීමට ලෝක බලවතුන් බලපෑම් කළ යුතු බවත් මෙහිදී ඔහු පැවසීය.
එමෙන්ම ලෝකයේ සෑම රටක්ම මේ යුද්ධය නතර කිරීම සඳහා එක ම ස්ථාවරයක කටයුතු කළ යුතු බවත් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය මේ සඳහා මූලිකත්වය ගෙන වහාම යුද්ධය නතර කිරීම සඳහා මැදිහත් විය යුතු බවත් ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අවම වශයෙන් මෙම අවස්ථාවේ සටන් විරාමයකට හෝ එළැඹිය යුතු බවයි.