හිටපු ජනාධිපති මෛත්‍රී සහ චන්ද්‍රිකා එක තැනකට එයි

Chandrika Kumaratunga Dinesh Gunawardena Maithripala Sirisena Sri Lanka
By Sewvandhi Sep 26, 2023 02:11 PM GMT
Report

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවී ඇත.

එනම්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ වෙන් වෙන්ව බණ්ඩාරනායක ගුණ සමරුව සිදුකිරීම විශේෂත්වයකි.

අද හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් පැවැත්වුණා.

සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. මෙහිදි උත්සව සභාවේ ආගමික වතාවත් සිදුකෙරුණේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.