මිලියන 58ක් අහවරයි. - වසර 6 ඉවතට. - මෛත්‍රී හිරවෙයි. - අගෝස්තු 30 බැරිවුණොත් සිදු වන දේ මෙන්න.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු තමන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.