බදාදා දිනයෙන් අවසන් වන මෛත්‍රීගේ කාලය

Maithripala Sirisena Sri Lanka Easter Attack Sri Lanka
By Sewvandhi Jul 08, 2023 01:41 PM GMT
Report

සිය පෞද්ගලික මුදල් වලින්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය ලබන බදාදා (12) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් එම නියෝගය ලබාදෙනු ලැබුවා.

එහිදි නියම කර තිබුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10කුත්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙසයි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝටි 5ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට කෝටියක මුදලක් ද වින්දිතයන් හට ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 නමුත් කිසිවෙකුවත්, මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැති බව සඳහන්ය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල් නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලෙකෙන බව නීති විශාරදයින් පෙන්වා දෙයි.