කථානායකගෙන් පොලිසියට විශේෂ පැමිණිල්ලක්..!

CID - Sri Lanka Police Sri Lanka Police Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka
By Sewvandhi Jul 18, 2022 03:33 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පල කෙරෙන දැන්වීම් පිළිබඳව කතානායක විසිනි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව 2022-07-19 වන දින ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා නාම යෝජනා ලබා ගැනීමටත්2022-07-20 වන දින ඒ සඳහා ඡන්ද විමසීම පැවැත්වීමටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් කටයුතු සංවිධානය කර ඇති අතර පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද විධිවිධාන අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කුමන ආකාරයකින් හෝ අයුතු බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම ලිපියේ සඳහන් කොට තිබෙනවා.

එම පැමිණිලි ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන අතර අදාළ විමර්ශනය සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් මගින් අද දින කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති අතර කඩිනම්ව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now