හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින කළ නියෝගය..

Basil Rajapaksa Mahinda Rajapaksa
By krishani Jul 27, 2022 08:09 AM GMT
Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ අනුව විදෙස් ගමන් තහනම අගෝස්තු 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කළේ ය.

මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට 2022 ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 15 වැනිදා නියෝගයක් නිකුත් කළේය.  

මෙම දේශපාලඥයින් දෙදෙනාට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සහ තවත් තිදෙනෙකු විසින් ගොනු කර ඇති පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි මෙම විදෙස් ගමන් තහනම දීර්ඝ කරනු ලැබුණේ.

  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join