හිටපු ජනපති මහින්ද නායකත්වය ගැන කියයි...නායකත්වයේ යළි වෙනසක්?

Dinesh Gunawardena Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Sep 30, 2023 12:17 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගත හැකි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ඊයේ කැලණිය රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වලට ද එක්වුණා. මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබාදුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව වෙනසක් සිදුවනු ඇතැයි යන මතයන් පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ඒ පිළිබඳව නොදන්නා නමුත් අවශ්‍ය වුවහොත් වෙනසක් සිදු කරන බවයි.

මේ අතර තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපතිවරයා තමා ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවත් තවදුරටත් රාජ්‍ය සේවයේ නිරත වන බවත් ප්‍රකාශ කළේය.

විශේෂ පාර්ලිමේන්තු සංසදයක්.

විශේෂ පාර්ලිමේන්තු සංසදයක්.