මහින්ද යළි අගමැති පුටුවට?..අගමැති නිවසේ විශේෂ සාකච්ඡාවක්..

Dinesh Gunawardena Mahinda Rajapaksa Prime minister Sri Lanka Podujana Peramuna Prasanna Ranatunga
By Aruna Nov 04, 2022 06:47 AM GMT
Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේ පැවති මෙම විශේෂ සාකච්ඡාවට පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටි බව දේශපාලන ආරංචි සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් අවසන් මොහොතේ ඔහු නොපැමිණි බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම සඳහා ඔහුව ඉතා කෙටි කාලයකට අගමැති ධූරයට පත්කිරීමට යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මීට පෙරද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා නැවත ස්ථිර අගමැති ධූරයකට පත්කිරීම අනවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, එම සාකච්ඡාවේදී අදාළ යෝජනාවට වත්මන් අගමැති දිනේෂ් කැමතිවී ඇති නමුත් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now