හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගැන මාලදිවයිනෙන් කියූ දේ මෙන්න..

Mahinda Rajapaksa
By Aruna May 25, 2022 04:56 AM GMT
Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනේ ආරක්‍ෂිත ස්ථානයක් සොයා නැති බවත් දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතරතුර රාජපක්ෂ මහතා හමු නොවූ බවත් දැනට ශ්‍රී ලංකාවේ රැදී සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසයි.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් නෂීඩ් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා මාලදිවයිනේ ආරක්ෂිත නවාතැනක් ඉල්ලා සිටි බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

මාලදිවයින හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා පළුදු කිරීමට උත්සාහ කරන පුද්ගලයින් සිටින බවද පවසන ඔහු මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවශ්‍ය යැයි කරන ප්‍රකාශ අසත්‍ය ඒවා යයිද කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now