පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකතු වෙලා ගහපු සුපිරි මැච්.. හිටපු ජනපති මහින්ද පුතා එක්කම ක්‍රිකට්වලින් වැඩ පෙන්වූ හැටි මෙන්න.. (VIDEO)

Nuwara Eliya Mahinda Rajapaksa Sri Lanka
By Sewvandhi Aug 12, 2023 11:52 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මහින්ද රාජමක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය ජ්‍ය නගරයේ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන ඇතුළු පිරිසක් සහභාගී මෙම අවස්තාවට සහභාගි වුණා.

තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර පැවැත්වූ තරග දෙකෙන්ම ජය හිමි කරගත්තේ පාර්ලීමේන්තු මන්තී කණ්ඩායමයි.

තරගයේ වීරයා ගයාශාන් මන්ත්‍රීවරයා වූ අතර, හොඳම පන්දු රකින්නා ලෙස සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර ද කුසලාන ලබා ගත්තා.

කුසලාන ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා අතින්. හැමෝම සතුටු වුණු මැච් එකේ වීඩියෝ පහතින් නරඹන්න..