හිටපු ජනපති මහින්ද වෙනුවෙන් සිනමාපටයක්..

New Tamil Cinema Tamil Cinema Mahinda Rajapaksa India
By Sithumini Mar 02, 2025 12:33 PM GMT
Report

මෙරට තුළ සුවිශේෂි මෙහෙවරක් කළ නායකයෙකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සැලකෙනවා.

ඒ මෙරට යුද්ධය නිමාකළ නායකයකු වීම හේතුවෙන්.

කෙසේ වුවද මෙරට තුළ බොහෝ දෙනාගේ අවදානයට පාත්‍රවූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් නවතම සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් බව වාර්තා වනවා.

තව්තිසා පික්චර්ස් ආයතනය වෙනුවෙන් මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන මෙම සිනමාපටයේ වැඩ කටයුතු සඳහා ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව තමයි වාර්තා වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය සහ යුද සමය පාදක කරගනිමින් නිපදවෙන මෙම චිත්‍රපටයේ මුල් තිර පිටපත, ඔහු වෙත පිළිගැන්වූ බවයි නිෂ්පාදකවරයා විසින් සඳහන් කරන්නේ.