මොකක්ද මේ රට වටේම කතාවෙන මහින්ද අනුර නිල නිවාස ගැටුම.

SLPP Anura Dissanayake Mahinda Rajapaksa Namal Rajapaksa Sagara Kariyawasam
By Sithumini Jan 21, 2025 01:48 PM GMT
Report


මේ වන විට රටේම අවදානයට ලක්ව තිබෙන කාරණයක් බවට අනුර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අනුර ජනපතිවරයා සදහන් කළේ ජනපති මහින්දගේ ආරක්ෂාව ප්‍රමාණවත් බවත් තවත් කෑගැහුවොත් ඒ ප්‍රමාණයත් අඩු කරන බවයි.

මේ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දින විපක්ෂය මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචන සිදුකරන ආකාරය දක්නට ලැබුණා.

එහිදි විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරන පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ ප්‍රකාශ නිකුත් කළ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන මුජිබර් රහුමාන්ද අදහස් දැක්වූවා.

කොහොම වුණත් ලිඛිතව දැනුම්දීමක් සිදුකළහොත් ඉවත්වන බවයි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සදහන් කර තිබෙන්නේ.