නාමල් ගැන මහින්ද කියයි - ඡන්දයකට සැරසෙනවද..?
Mahinda Rajapaksa
Namal Rajapaksa
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07 ධර්මායාතන පරිශ්‍රය වෙත පැමිණ තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේ දී අවධාරණය කර ඇත්තේ, ජනතාවට උහුලාගත නොහැකි බඩු මිල සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
එහි දී හිටපු ජනාධිපතිවරයා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අතර, එම හමුවෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදුන්නේය.
ඕනෑම අවස්ථාවක පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා සූදානම් බවත් ඒ සඳහා කිසිදු බියක් නැති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඔහුට තවත් වයස ඇති බවයි.