".. එයා දැන් යහමගට හැරිලා කියලා විශ්වාස කරනවා.." යලිත් දේශපාලනයට ආ මහින්ද සහය දෙන කෙනා හෙළිකරයි..!

Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Oct 08, 2022 03:45 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දේශපාලනිකව යහමඟට හැරී ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ‘

එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු ' යන ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මෙම ජන රැලියක් අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම රැළියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය. එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

"රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල. එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් UNP කාරයා කියලා. දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න උදව් කරනවා."

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:

අරගලයේ නියමුවෝ විශේෂ මාධ්‍ය සාකච්චාව

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now