හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන මානව හිමිකම් කොමිසමෙන් පැහැදිලි කිරීමක්..
Mahinda Rajapaksa
Sri Lanka
By krishani
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල ඇතිවු සිද්ධීන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව එම කොමිෂන් සභාව පවසයි.
එනම් එළඹෙන බදාදා දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
කෙසේවෙතත් අදාළ සිද්ධිය පිළිබඳව දැනටමත් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව ද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |