අගමැති මහින්ද රාජපක්ෂ තනතුරෙන් ඉවත් වීමට තීරණය කරලද..?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නුදුරු දිනකදීම සිය ධූරයෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.
වාර්තා වන පරිදි පසුගියදා පැවති පක්ෂ රැස්වීමකදී උද්ගත වී ඇති තත්වය සමනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනා වහාම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට දැඩි බලපෑම් එල්ල වූ බවයි.
මේ අවස්ථාවේදී අදහස් දක්වා ඇති නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ රාජපක්ෂවරයෙකු ඉවත් වීම නම් ඒ වෙනුවෙන් තමන් තනතුර කැප කිරීමට සූදානම් බවටයි.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් ඉවත්ව එම තනතුර සුදුසු පුද්ගලයකු හට දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වූ පසු ඒ තනතුර සඳහා පත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |