රටම කැළඹී ගිය, අවලෝකිතේශ්වර කියා පෙනී හිටිය මහින්දට මොකද වුණේ දන්නව ද?.
මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී තිබුණේ ය.
ඒ සම්බන්දයෙන් ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබදව දැනුම් දීම සදහා එළැඹෙන ඹක්තෝම්බර් 23 වනදා නඩුව නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (24) නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කර ඇත.
මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික ආබාධයකින් පෙළෙන බව පෙර දිනයේ ඹහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක් වේ.
ඒ හේතුවෙන් සිදුවීමට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳව ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සදහා කෙටි දිනයක් අවශ්‍ය බව, නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.
අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙකු අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය විය.
කෙසේ වෙතත්, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.