මැතිවරණයක් ගැන මහින්ද දේශප්‍රිය ගෙන් දැනුම්දීමක්.. ‍

Election Commission of Sri Lanka Provincial Council Sri Lanka Politician Mahinda Deshapriya Election
By Aruna Aug 06, 2023 02:19 AM GMT
Report

පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය නර සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මේ වසර තුළ ‍පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලින් එක් මැතිවරණයක් හෝ පැවැත්වීමට බලධාරීන් පියවර ගනු ඇති බවයි.

මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටින්නේ, සැප්තැම්බර් 15 වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට පළමුව, දැනට කල් දමා ඇති මැතිවරණ දෙකෙන් එකක් හෝ පවත්වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

ජනතාවගේ පාලනයකින් තොරව, මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් විසින් ගෙනයන මෙම පාලනය අනීතික බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇති බව ද ඒ මහතා සඳහන් කරනවා.

මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළකළේ, පො‍ළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

මේ අතර, වත්මන් ආර්ථික බිඳ වැටීමට මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, රට තුළ නිවැරදි දේශපාලන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහන් කර්නේ, මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.