නාමල් රාජපක්ෂ නායකත්වය බාර ගන්න දිනය ගැන මහින්ද කියයි..
Mahinda Rajapaksa
Namal Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
By Aruna
නාමල් රජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමට තවත් වයස තිබෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමක දීයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් බවද කී ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ 7 ධර්මායතනයේ දී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් රාජපක්ෂ මහතා අවධාරණය කළා.