ගොවීන්ට පොහොර ලබා දෙන මිල ගණන් ගැන කෘෂිකර්ම ඇමති කියයි..
Mahinda Amaraweera
Ministry of Agriculture
By krishani
මෙවර මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු ඊයේ (28) ආරම්භ විය.
මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුව චීනයෙන් ගෙන්වන ලද එම පොහොර ප්‍රමාණය මෙට්‍රික්ටොන් 12,500කි.
මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000කට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවත් පළමුවෙන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලයට යන ප්‍රදේශවලට සහ වගා කරන පිළිවෙල අනුව පොහොර සැපයීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.