පොහොර ගැන අවසන් තීරණය..

Mahinda Amaraweera Sri Lanka
By krishani Oct 10, 2022 02:21 AM GMT
Report

මහකන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට තෝරා ගෙන ඇති සමාගම් සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනිම සදහා අද (10) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

යූරියා පොහොර ආනයනය සඳහා කැඳ වූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු කැඳවූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් 3ක් තෝරා ගෙන ඇත.

එය අවසන් අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.