මහ කන්නයට අවශ්‍ය පොහොර ලැබෙන්නේ මෙහෙමයි - විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Mahinda Amaraweera Ministry of Agriculture
By krishani Oct 02, 2022 02:25 AM GMT
Report

මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත් ඉදිරියේ දී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණ.

මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස එහිදි සාකච්ඡා කෙරුණු අතර කිසිදු සැකයකින් තොරව ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join