කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගත් අලුත්ම තීරණය..
Mahinda Amaraweera
Ministry of Agriculture
By krishani
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට යොදාගැනීම සඳහා මේ වන වි නිර්දේශ කර ඇති බවත් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත් ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබානොදීමට තීරණය කර ඇති බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
කාබනික වගාව රටට අත්‍යවශ්‍ය බව පෙන්වාදෙන කෘෂිකර්ම අමාත්‍යවරයා ලබන මහ කන්නයේ කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර මිලදී ගැනීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |