තරුණ ප්‍රජාවට සුබ ආරංචියක්..කරන්න යන දේ මෙන්න..

Mahinda Amaraweera Sri Lanka
By Aruna Jun 12, 2022 07:09 AM GMT
Report

දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට වගා නොකර අත්හැර ඇති කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වසර පහකට වගා කිරීම සඳහා පවරා දෙන බව කී අමාත්‍යවරයා එහිදී වගා කිරීමට ඉඩම් නොමැති හා ඒ සඳහා කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බොහෝ පුරන් කුඹුරුවල අයිතිය තිබෙන පුද්ගලයින් විදේශ ගතව සිටින අතර තවත් සමහරුන් ශ්‍රම හිඟය නිසා එම කුඹුරු අස්වද්දන්නේ නැතැයි ද දැනට ගණන් බලා ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂයකට වැඩිය තිබෙන බවද අමාත්‍යවරයා කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now