නිළියක් නම් හැමෝම දිහා එක වගේ බලන්නේ .. මහේෂි ලංකාව ගැන සංවේදි වෙයි..(PHOTOS)
මහේෂි මදුසංකා කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය නිළියක්. ඇය මේ වන විට ඇගේ ජීවිතේ බොහෝ දුර ගිහින් තියෙනවා.
ඇය මේ වෙද්දි නිළියක්, නිවේදිකාවක්, ආදරණීය බිරිදක් සහ මවක්. පුංචි තිරයට නිළියක් විදියට ආපු මහේෂි එයාගේ ජීවිතේ වැදගත්ම දේවල් මේ වෙද්දි එයාගේ ජීවිතේට ලංකරගෙන තියෙනවා.
මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන මහේෂි විවාහා වෙලා ඉන්නේ ගුවන් නියමුවෙක් එක්ක. මේ වෙද්දි ඉතාම සැපවත් ජීවිතයක් ගත කරන්න මහේෂි සමත්වෙලා තියෙනවා.
කොහොම වුණත් පසුගිය දිනවල ඇය ගැන වැඩි වශයෙන් කතා බහට ලක්වුණා.
ඒකට හේතුව වුණේ ඇය පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීම.
ඇයට ඉන් ජය ගන්නට නොහැකිවුණත් මහේෂි මේ වෙද්දි හැමෝම ආදරේ චරිතයක් විදියට ඇයට තියෙන ජනප්‍රියත්වය ආරක්ෂා කරගෙන ඉන්නවා.
ඉතිං මහේෂි පසුගිය දිනෙක වැඩඩටහනකට එක්වෙමින් කියා සිටියේ මෙරට තුළ නිළියන් සම්බන්ධයෙන් පවතින්නේ සමස්ථය මත ගොඩනැගුණු න්‍යායක් බවයි.