මහීෂ් තීක්ෂණ වාර්තාවක් තබමින් එකට එයි..වනිඳුට හිමිවූ තැන මෙන්න..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga
By Aruna Jan 31, 2024 02:35 AM GMT
Report

එක්සත් අ‍රාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂනල් ලීග් ටී20' තරගාවලියේ තරග 14ක් අවසාන වන විට වැඩිම කඩුලු ලාභීන් අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පෙරේදා (29) සමත් වුණා.

තරගාවලියේ 'සාජා වොරියර්ස්' කණ්ඩායම නියෝජනය කරන මහීෂ් පෙරේදා 'ඩුබායි කැපිටල්ස්' කණ්ඩායම සමග පැවැති තරගයේදී කඩුලු 4ක් දවාගත් අතර ඒ සමගින් ඔහුට පළමු ස්ථානය හිමි වීම විශේෂත්වයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් 'ඩුබායි කැපිටල්ස්' ඉනිම ලකුණු 104කට සීමා කිරීමට මහීෂ් ප්‍රමුඛ 'සාජා වොරියර්ස්' පන්දු යවන්නන්ට හැකි විය.

එහිදී මහීෂ් සිය පන්දුවාර 4දී ලකුණු 20ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ 'සාජා වොරියර්ස්' කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කිරීමට හැකි විය.

එහිදී ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල හතරේ පහර 6ක් සමගින් පන්දු 30කදී ලකුණු 37ක් රැස් කිරීම ද කැපී පෙනුණා.

මේ අනුව මහීෂ් තීක්ෂණ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

වැඩිම කඩුලු ලාභියා වූ ඔහු තරගාවලියේ තරග 14ක් අවසාන වන විට තරග 5කට ක්‍රීඩා කර කඩුලු 11ක් දවා ගැනීමට සමත්ව සිටියා.

දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංග ඒ වන විට පිළිවෙළින් කඩුලු 7ක් සහ 6ක් දවා ගෙන එම ලැයිස්තුවේ 6 සහ 7 වන ස්ථාන නතුකර ගැණින.

Sponsored By Sarrita Jewellery

මහීෂ් තීක්ෂණ වාර්තාවක් තබමින් එකට එයි..වනිඳුට හිමිවූ තැන මෙන්න.. | Mahesh Theekshana