විස්සයි විස්ස පිටියේ මහේල සංගා වාර්තාව බිඳ වැටේ..නව වාර්තාව හිමි කරගත් දෙපල මෙන්න..

Kumar Sangakkara Mahela Jayawardene Cricket South Africa National Cricket Team
By Sewvandhi Oct 27, 2022 08:55 AM GMT
Report

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සතුව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන වාර්තාවක් අද බිඳ වැටුණි.

බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී දකුණු අප්‍රිකාවේ ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සහ රයිලි රූසෝ විසින් එම වාර්තාව ඔවුන් සතුකරගැනීමට සමත්විය.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ruකඩුල්ලක් සඳහා වූ ඉහළම සබඳතාවය එයයි.

ඒ අනුව ක්වින්ටන් ඩි කොක් සහ රයිලි රූසෝ අද තරගයේදී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 168ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය.

මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 166ක සබඳතාවයටය.

මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ රයිලි රූසෝ පන්දු 56කින් හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 109ක් රැස්කළේය. මෙවර ලෝක කුසලානයේදී වාර්තා වූ පළමු ශතකය එයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now