කඩුල්ලක් දවාගත් පසු, මහීෂ් තීක්ෂණ දුනු දුණු ඊතල අතට ගන්නේ ඇයි කියලා දැනන් හිටියද..? (PHOTOS)

Sri Lanka Cricket Sri Lanka
By Sithumi Oct 24, 2022 06:15 PM GMT
Report

මේ තරඟාවලිය අතරතුරදී දකින්න ලැබෙන ආකර්ෂණීය දෑ බොහෝයි. ඒ අතර මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවාගත් පසුව ඊතල විදින ස්වරූපයෙන් කරනු ලබන නිරූපණය කාගෙත් කතාබහට ලක්වෙනවා.

එහි අපූරු රූප සටහන් සමාජ මාධ්‍යය පුරාම දැකිය හැකියි. ඔහු මෙලෙස සැමරුමක් සිදුකරන්නේ තමන් ‘Arrow’ගේ දැඩි රසිකයෙක් වීම නිසා බවටත් සමාජ මාධ්‍යයේ සඳහන් වෙනවා. කොහොම වෙතත් මහීෂ්ගේ මේ අපූරු සැමරුම කාගෙත් හිතට අල්ලලා ඇති හැඩයි....

හෙටත් බලාපොරොත්තු දල්වාගෙන බලාසිටින දවසක් ! සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී හෙට (25) පැවැත්වෙනවා. එම තරඟය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 04 යි 30 ට එම තරඟය ආරම්භ වීමට නියමිතයි. අයර්ලන්තයට එරෙහිව පැවති තරඟයේ පැතුම් නිස්සංක වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් වශයෙන් තවත් තිදෙනෙකු කැඳවා තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ කඩුලු රකින්නෙකු ලෙස කටයුත් කරන නිරෝෂන් දික්වැල්ල, පන්දු බලඇණිය වෙනුවෙන් මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දුයි මෙලෙස සංචිතයට කැඳවා ඇත්තේ.




GalleryGalleryGalleryGallery