"මගේ ගමන පුරාවට මට සහයෝගය සහ ආදරය, ලබාදීම ගැන මම ශ්‍රී ලංකා යුද හමුදාවට සැමවිටම ස්තූතිවන්ත වෙනවා.." සුපිරි ක්‍රීඩක මහීෂ් තීක්ෂණට ලැබුණු ඇගයීම (PHOTOS )

By Sithumi Sep 20, 2022 05:28 PM GMT
Report

ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ලෙස බැබළුණු යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ ප්‍රශංසා සහ මුදල් දිරි දීමනා ලබා දීම සඳහා අද (20) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ඔවුන්ට ආරාධනා කර තිබුණා.

එම ජාත්‍යන්තර දක්‍ෂතා අතරට 2022 ආසියානු කුසලාන ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන යුද හමුදාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්.එම් තීක්ෂණ ( මහීෂ් තීක්ෂණ ) ද දක්නට ලැබුණා. ඒ

අනුව ඔවුන්ගේ ජයග්‍රහණ අගයමින් යුධ හමුදා ප්‍රධානියා විසින් දක්‍ෂතා දැක්වූවන් තවදුරටත් උත්තේජනය කිරීමේ උත්සාහයක් ලෙස තරාතිරම්වල උසස් කිරීමට අදාළව බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා. මේ ඒ පිළිබඳව මහීෂ් තීක්ෂණ තබා තිබූ සටහනක් සහ එහි ඡායාරූප කිහිපයක්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery