ගමක් බිය කරමින් තරුණයකුට අමානුෂික ලෙස පහර දුන් "බස් මංජු" ඇතුළු මැරයෝ - දර්ශන සහිතයි..(CCTV VIDEO)
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
මහරගම පමුණුව ප්‍රදේශයේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ. පහරකෑමට ලක්වූ පාර්ශවය චෝදනා කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පිරිස අත්අඩංගුවට ගැනීමට මේ වනතෙක් පියවර ගෙන නොමැති බවය.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ ප්‍රහාරය එල්ලවී මාසයකට අධික කාලයක් ගතවුවද ප්‍රහාරය එල්ලකළ පිරිස තවමත් නිදැල්ලේ පසුවන බවය. මේ අතර අදාළ පහරදීම සිදුකර ඇත්තේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනා එල්ලවූ "බස් මංජු" නමැත්තෙකු ඇතුළු පිරිසක් බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |