"වී මිල නඟිනකම් ගෙවල්වල තියාගන්න එපා, ඔක්කොම දෙන්න" - ලාල්කාන්තගෙන් ගොවීන්ට හදිසි ඉල්ලීමක්

Advanced Agri Farmers Mission Ministry of Agriculture K.D. Lalkantha Sinhala news Sri Lankan Farmers
By Aylin Zoya Jul 03, 2026 07:31 AM GMT
Report

මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ගේට්ටු සහිත වාන් දොරක් ඉදිකිරීම “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ ඊයේ (02) ආරම්භ කෙරිණ.

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 83.20ක් වේ.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වාරි ව්‍යාපෘති ජනතා කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන අතර, ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි සහන ලබාදීමට රජය උත්සාහ කරමින් සිටින බවය.

“වී මිල ඉහළ පහළ යාම ගැටලුවක්. අපි උත්සාහ කරන්නේ එය ස්ථාවරව පවත්වාගෙන යන්න. පිරිවැය ඉහළ යන විට මිලත් ඒ අනුව සකස් විය යුතුයි. අපි ඒ තත්ත්වය පාලනය කරමින් ගොවීන්ට සහන ලබාදීමට කටයුතු කරනවා” යැයි ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ යුධ තත්ත්ව තිබුණද රටේ කර්මාන්ත බිඳ වැටීමට ඉඩ නොදීමට රජය කටයුතු කළ බවත්, ඉන්ධන හා පොහොර සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන ගිය බවත්ය. පෞද්ගලික පොහොර සමාගම් රජයට සහාය දක්වමින් තම ගබඩාවල තිබූ පොහොර රජයට ලබාදීම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට බෙදා හැරීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම පොහොර මිල ඉදිරියේදී අඩුවනු ඇතැයිද, ගොවි ජනතාව පොදු ජනතාවගේ යහපත ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යටතේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම ඊයේ (02) අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.20ක් වන අතර, එය කෘෂිකාර්මික ජල කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.