ලංකාවේ ඉඳන් අරාබි පුඩිමක රස බලමුද?

Healthy Food Recipes
By Wayomi Oct 06, 2022 12:52 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔන්න අද ඔයාලට විශේෂ රෙසිපි එකක් දෙන්නයි යන්නේ. මේ අරාබියේ ජනප්‍රිය මහලබියා පුඩිම (Mahalabia Pudding). 

අවශ්‍ය ද්‍රව්‍ය

? කිරි මිලිලීටර් 500

? කෝන්ෆ්ලා ග්‍රෑම් 100

? කජු ග්‍රෑම් 50

? මුද්දරස්පලම් ග්‍රෑම් 50

? රෝස් එසන්ස් තේ හැඳි 1/2

? සීනි මේස හැඳි 4

සාදාගන්න ආකාරය

? කිරි ටික භාජනයකට දාලා රත්කරගන්න.

? රත්වූ කිරි වලින් කෝප්ප 1/2 ක් අරගෙන කෝන්ෆ්ලා ටික දියකරගන්න.

? අනික් කිරි ටික දිගටම රත්කරගෙන එයට සීනි, රෝස් එසන්ස්, කජු හා මුද්දරස්පලම් දාලා කලවම් කරගන්න.

? දැන් කෝන්ෆ්ලා දියකරගත් කිරි ටික මේ කිරි මිශ්‍රණයට දාලා උකු වෙනකල් හැඳිගාන්න.

? හො​ඳට උකු උනාට පස්සෙ බටර් ගාගත් බෝල් එකකට දාලා උඩින් කජු හා මුද්දරස්පලම් ටිකක් ඉසගන්න.

? කැමතිනම් චොප්කරගත් රට ඉඳි ටිකක් එකතු කරගන්න.

?ශීතකරණයේ පැය 3ක් පමණ තබා රස බලන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW