අනේ අපිට පාඩුවේ ඉන්න දෙන්න.. ජනප්‍රිය නිළි මාදවී හඩමින් පොලිසීයට දුව ගියපු හේතුව.. (VIDEO)

Gossip Today Sri Lankan Actress Jackson Anthony SL Actress Gossips Actress
By Sithumini Dec 21, 2024 11:15 AM GMT
Report

ජනප්‍රිය නිළි මාදවී ඇන්තනි දැඩි ලෙස හඩමින් හෙම්බත් වී පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ සිය සැමියා සමග නිවස අසල කඩයකට ගොස් සිටියදි සිවිල් ඇදුමින් සැරසී පොලීසිය බවට පැවසූ පුදගලයින් කිහිප දෙනෙකු හැදුනුම් පත ඉල්ලා සිය සැමියාට පහර දුන් බව පවසමින්.

ඇගේ සැමියා වන ජනප්‍රිය ලේඛක කසුන් මහීන්ද්‍ර හීනටිගල මහතා පවසන්නේ ඔහු අසල කඩයට යෑම සදහා ජාතික හැදුනුම්පත අවශ්‍ය නොවන බව ඔවුන්ට පහදා දුන්නද ඔවුන්ට පහරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදවී ඇන්තනී සහ ඇගේ සැමියා පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සදහන් කර තිබුණා.

එමෙන්ම මෙම සිදුවීම කිසියම් පිරිසක් සැලසුම් කළ සිදු කළ දෙයක්ද යන්න පිළිබදව සැකයක් පවතින බවද ඔහු සදහන් කළා.

ජනප්‍රිය නිළි මාදවී ඇන්තනි මෙරට ප්‍රවීණම රංගන ශිල්පියෙක් වූ අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දියණියයි.

මෙව් සම්බන්ධයෙන් මේවන විට දැඩි කතා බහක්ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරගොස් තිබෙන්වා.


අදාල වීඩියෝව 

මෙතනින් බලන්න