ප්‍රදේශ දෙකක් බියේ ගිල්වමින්, අභිරහස් මළ සිරුරු දෙකක් සොයාගැනේ

Sri Lanka Police Mullaitivu Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 19, 2024 01:48 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මාදම්පේ පොලීසිය පවසන්නේ, අභිරහස් ලෙස මියගොස් ඇති අයෙකුගේ මළ සිරුරක් අතහැර දමා තිබූ කොහු මෝලක් ආසන්නයේ තිබී හමු ව ඇති බවයි.

පොලීසියට ලද තොරතුරක් මත අද (19) පෙරවරුවේ සිරුර සොයා ගෙන ඇත. මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, දින දෙකකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මාදම්පේ පොලීසිය විසින් මෙය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

මේ අතර, මුලතිව් වෙරළට ඉන්දීය ධීවරයෙකුගේ බවට සැක කරන මළ සිරුරක් ගොඩගසා තිබේ. අද (19) උදැසන මෙම සිරුර වෙරළට ගොඩ ගසා ඇති බවයි, මුලතිව් පොලීසිය පැවසුවේ.

පොලීසිය සඳහන් කළේ,එම මළසිරුර හඳුනාගැනීමට නොහැකි වන ලෙසට නරක් වි ඇති බවත් මළසිරුර සමග ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කෙරෙන උපකරණ කිහිපයක් ද තිබෙන බවය.

ධීවර යාත්‍රාවක් කිසියම් අනතුරකට ලක්වීමත් සමඟ මියගිය ධීවරයෙකුගේ මළසිරුර එලෙස ගොඩගසන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Sponsored By Sarrita Jewellery

ප්‍රදේශ දෙකක් බියේ ගිල්වමින්, අභිරහස් මළ සිරුරු දෙකක් සොයාගැනේ | Madampe And Mulathiw Uknown Dead Bodies